Homeසියලුම පුවත්🚨 මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි

🚨 මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි

මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීම හේතුවෙන් ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙහෙයුම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් සහ විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා ඇත.

මෙම සෝදිසි මෙහෙයුමේදී තවත් ධීවර යාත්‍රා 3ක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇති අතර, එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් මීගමුව වෙරළට ගොඩගසා තිබේ. එම යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments