හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.
ඔහු මීට සුළු වේලාවකට පෙර CID වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු CID වෙත පැමිණීමට හේතුව සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

