Wednesday, November 19, 2025
Homeදේශපාලනඅගමැතිකම බාර ගන්නැයි සජිත්ට දන්වයි…

අගමැතිකම බාර ගන්නැයි සජිත්ට දන්වයි…

තමන් සහ ආණ්ඩුව අතර කිසිදු දේශපාලන ඩීල් එකක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එවන් ඩීල් එකක් තිබුණේ නම් තමන් අද පොහොට්ටු චන්ද සහ තවත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් ලංකාවේ ජනාධිපති බවද හෙතෙම කියා සිටියේය.

ආන්ඩුවේ අගමැති කම බාර ගන්නා ලෙස අදට ද ඇතැමුන් තමන්ට යෝජනා කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රතිපත්ති කඩ කරමින් පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් අගමැතිකම් භාර ගැනීමට තමන් සූදානම් නැති බව ද පැවසීය.

එනිසා සක්විති කම රජකම දෙන බව පැවසුවත් ජනවරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැති කම බාර ගැනීමට තමන් සූදානම් නැති බව ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

කෑගල්ල ප්‍රදේශයේ දී පැවති සදහම් යාත්‍රා වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

RELATED ARTICLES

Most Popular

Recent Comments