Homeසියලුම පුවත්අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන අතර, ඌව, නැගෙනහිර සහ පොලොන්නරුව ප්‍රදේශවල පස්වරු කාලයේදී වැසි ඇතිවිය හැකි බවද සඳහන් වෙයි.
අදාළ ප්‍රදේශවල ජනතාව කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද දැනුම්දී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments