දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකිය.නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාව පවතී.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන් වේ.

