Homeසියලුම පුවත්අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයේ අවසන් තීරණය ලබන සතියේ

අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයේ අවසන් තීරණය ලබන සතියේ

2026 වසරේ අවසන් කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ වාචික සැසිය අද (නොවැම්බර් 5) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් විදුලි ගාස්තු 2.88%කින් ඉහළ දැමීමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව 1.46%ක ගාස්තු වැඩිවීමක් යෝජනා කර තිබේ.

අද පැවැත්වෙන මහජන අදහස් විමසීම සඳහා පාරිභෝගික කණ්ඩායම් සහ විදුලිබල ක්ෂේත්‍රයේ සංවිධාන නියෝජනය කරමින් 40කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිති.

පෙරවරු 9ට ආරම්භ වන මෙම සැසිය පස්වරු 2ට අවසන් වීමට නියමිතය. එහිදී ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments