කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (18) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසිද අපේක්ෂා කෙරේ.
එමෙන්ම ඌව, නැගෙනහිර සහ පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශය දැනුම් දෙයි
අදත් ප්‍රදේශ රැසකට වැසි

