ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව Department of Meteorology දැනුම් දෙයි.
අද (09) පස්වරු 1.00ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං පිළිබඳ සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

