Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්අධික වර්ෂාවෙන් හැටන් - දික්ඔය ප්‍රදේශයේ වතු නිවාස 50ක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය ප්‍රදේශයේ වතු නිවාස 50ක් ජලයෙන් යටවෙයි

අද (21) පස්වරුවේ හැටන් – දික්ඔය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය ෆොඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් හැටන් ෆොඩයිස් හරහා ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පොලීසිය සඳහන් කළේය.
කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇල පිටාර ගැලීම මෙම තත්ත්වයට හේතුව බවත්, එමඟින් වතු නිවාස සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments