‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.අදාළ තීරණය අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබුණි.වැඩබලන නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ තවත් සංශෝධනද පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු බව අධිකරණය දැනුම් දී ඇත.ඒ අනුව පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් සංශෝධනය කළ යුතු බවත්, 6 වන වගන්තිය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ යුතු බවත් තීරණය කර තිබේ.එමෙන්ම පළමු උපලේඛනයේ 15, 16, 17 සහ 33 යන අයිතම ඉවත් කළ යුතු බවද දැනුම් දී ඇත.ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසද නියම කර තිබේ.

