Homeසියලුම පුවත්පන්නිපිටියේ අබලි යකඩ වෙළෙඳසැලක ගින්නක්

පන්නිපිටියේ අබලි යකඩ වෙළෙඳසැලක ගින්නක්

පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා වෙළෙඳසැලක අද (21) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.පෙරවරු 9.05ට පමණ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථයක් යොදවා ඇත.ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකරමින් පවතින අතර, ඉන් වෙළෙඳසැලට සහ එහි තිබූ භාණ්ඩවලට අලාභහානි සිදුව තිබේ.පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments