දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම සඳහා විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (13) පැවැත්වුණා.
ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 26,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, අධි අවදානම් සහිත නිවාසවල සිටින පවුල් 3,400කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමට අවශ්‍ය වී තිබේ.
අධි අවදානම් ස්ථානවලින් ඉවත්ව වෙනත් ස්ථානයක පදිංචි වීම පිළිබඳ තීරණයක් ගැනීමට ජනතාවට ජුනි 15 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව ද වාර්තා වෙයි.
එමෙන්ම හානි වූ මාර්ග, වගා බිම් සහ ජීවනෝපාය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී තිබේ.
අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් වීමට ජුනි 15 දක්වා සහන කාලයක්

