Homeසියලුම පුවත්ඩුබායි අසිත'ට අයත් වත්කම් රැසකට අධිකරණයෙන් තහනමක්

ඩුබායි අසිත’ට අයත් වත්කම් රැසකට අධිකරණයෙන් තහනමක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ඩුබායි අසිත’ නමැත්තාට අයත් බව කියන වත්කම් කිහිපයකට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය සිදුකළ කරුණු දැක්වීමකට අනුව රන් පවුම් 105ක්, රුපියල් ලක්ෂ 70කට ආසන්න වටිනාකමක් ඇති වෑන් රථයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් මෙලෙස තහනම් කර ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම මුදල් සහ රන් භාණ්ඩ ඔහු විසින් ඥාතීන්ගේ නම් යොදා මිලදීගෙන තිබූ බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments