දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් කොළඹ දෙසට පිවිසෙන සැහැල්ලු වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා තිබේ.
එම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
කෙසේවෙතත්, බර වාහන සඳහා කොළඹ දෙසට ගමනාගමනය සහ මාතර දෙසට වාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ.
වැලිපැන්න පිවිසුමෙන් කොළඹ දෙසට සැහැල්ලු වාහන ධාවනයට තාවකාලික සීමා

