Homeසියලුම පුවත්අනුරාධපුරයේදී අගමැතිනිය වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ ආශිර්වාදය ලබයි

අනුරාධපුරයේදී අගමැතිනිය වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ ආශිර්වාදය ලබයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

උතුරු මැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මෙලෙස අටමස්ථානාධිපති හිමියන් බැහැදැකීමට කටයුතු කර ඇත.

එහිදී රජය ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළට ආශිර්වාද කළ උන්වහන්සේ, අධ්‍යාපන, රාජ්‍ය සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් කෙටි අනුශාසනාවක් ද සිදු කළහ.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments