පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙත් මෙම කොමිෂන් 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසේ දේපළ හානි වීම් පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැක බලා ගැනීමට 2024 දී පමණක් රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් වැය කර ඇතැයිකී ජයතිස්ස මහතා රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හය දෙනාට කෝටි 37 කට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.

