Homeසියලුම පුවත්අවුරුදු 16ට අඩු දරුවන්ටසමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවෙන් පනතක්

අවුරුදු 16ට අඩු දරුවන්ටසමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවෙන් පනතක්

වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ අරමුණින් කැනඩා රජය නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’ ලෙස නම් කර ඇති මෙම කෙටුම්පත කැනඩා සංස්කෘතික අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම පනත යටතේ දරුවන්ට හානිකර අන්තර්ගතයන්ගෙන් ආරක්ෂාව සැලසීම, සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කිරීම සහ AI චැට්බොට් සේවාවන් සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වාදීමට යෝජනා කර තිබේ.
නීති උල්ලංඝනය කරන සමාගම් සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 10ක දඩයක් හෝ එම සමාගමේ ගෝලීය ආදායමෙන් 3%ක දඩ මුදලක් පැනවීමටද යෝජනා වී ඇත.
එමෙන්ම, නව නීති ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය සඳහා ස්වාධීන ඩිජිටල් ආරක්ෂණ කොමිසමක් පිහිටුවීමටද කැනඩා රජය සැලසුම් කර තිබේ.
කෙසේවෙතත්, ඇතැම් මානව හිමිකම් සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සංවිධාන මෙම පනත මඟින් අන්තර්ජාල නිදහස සීමා විය හැකි බවට අනතුරු අඟවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments