දිවයිනේ විවිධ ප්රදේශවල ඊයේ (25) සිදුවූ රිය අනතුරු හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
කොලොන්න, වැලිකඩ, දඹුල්ල සහ පුලියන්කුලම ප්රදේශවල මෙම අනතුරු සිදුව ඇති අතර, කොලොන්න ප්රදේශයේ යතුරුපැදි දෙකක් ගැටීමෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
වැලිකඩ ප්රදේශයේ යතුරුපැදියක් පෙරළී යාමෙන් එහි සිටි අවුරුදු 4ක දරුවෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල ප්රදේශයේ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදිකයින්ගේ ගැටීමෙන් 44 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර ළමුන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
පුලියන්කුලම ප්රදේශයේ A9 මාර්ගයේ යතුරුපැදියක් ආරක්ෂක වැටේ ගැටීමෙන් 23 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් තුවාල ලැබූ අය රෝහල්ගත කර තිබේ. සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

