Tuesday, November 18, 2025
Homeදේශපාලනඅස්වැසුම අවුල් ජාලයක්

අස්වැසුම අවුල් ජාලයක්

‘අස්වැසුම’ වැඩසටහන සැලසුම් කළ එකඟතා හා නිර්ණායක අනුව ක්‍රියාත්මක නොකොට දේශපාලන මුහුණුවරකින් තීන්දු තීරණ ගන්නා බවට දේශපාලන බලාධිකාරිය හා ඉහළ රාජ්‍ය නිලධාරීන් අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත

‘අස්වැසුම’ සඳහා සුදුසුකම් නොලැබූ හාරලක්ෂයකට ආසන්න පිරිසකට ‘සමෘද්ධි’ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම ඊට මූලික හේතුවක් වී ඇත.

මේ නිසා ‘අස්වැසුම’ වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය අවසන් කර ගත යුතු බවට එකඟතාවට පැමිණි ඇතැම් තීන්දු මෙමගින් වෙනස්කර ඇති බවට ‘අස්වැසුම’ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරී තන්ත්‍රය අතර අභ්‍යන්තර සාකච්ඡාවක් නිර්මාණය වී ඇතැයි ද ඔහු කීය.

එමෙන් ම, තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතරෙන් 1,19,056ක් දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබියදී ඒවා ගැන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් අදාළ ප්‍රතිලාභ ගෙවීමට ගෙන ඇති තීරණය ද මෙවැනි එකඟතා බිඳීමක් යැයි කිය යි

RELATED ARTICLES

Most Popular

Recent Comments