Tuesday, November 18, 2025
Homeදේශපාලනආණ්ඩුව පෙරළන්න පුළුවන් -එස්.බී

ආණ්ඩුව පෙරළන්න පුළුවන් -එස්.බී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේනම් ආණ්ඩුව පෙරළා දැමීමට වුව ද හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි.

ඊයේ (23) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් එස්.බී දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය – සියලුම පොදුජන පෙරමුණේ අමාත්‍යවරු ඉවත් කළත් ඔබතුමන්ට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑනේ. 

“නෑ තියෙනවා. ආණ්ඩුව පෙරළා දාන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් හුඟාක් දේවල් තියෙනවා. අපිට බජට් එක පරාජය කරන්න පුළුවන්. කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. කැබිනට් එකේ නැතුව ඉන්නකොටත් මම සුමාන පතා ගෝඨාභය ජනාධිපතිතුමා හමුවෙලා, මේ තත්ත්වය වෙනස් කරන්න කියලා එතුමාට මගේ මතය කිව්වා.” 

ප්‍රශ්නය – මොනවද ඔබේ යෝජනා ?

“අපේ යෝජනා ගොඩක් තිබ්බා. ගෝල්ෆේස් එක සුද්ද කරන්න කියනවා වගේම” 

ප්‍රශ්නය – ඒකත් ලණුවක් නේ නේද ? බැරිවෙලා හරි ඒ වෙලාවේ ඉවක් බවක් නැතුව වෙඩිතියාගෙන වෙඩි තියාගෙන ගියා නම් ජාත්‍යන්තරය ඉදිරියේ අපි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ?

“ඒ ඔයා කියන දේනේ. හැබැයි ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇවිත් ලස්සනට කරානේ. මම කිව්වේ ඉවත් කරන්න මම කිව්වේ.”

ප්‍රශ්නය – කොහොම ද ඒක කරන්නේ. අපි දන්න ක්‍රම තියෙන්නේ කඳුළු ගෑස් ගහන්න පුළුවන්. ඔබතුමා කියන්නේ ගහන්න වෙඩි තියන්න කියලා ද?

“ඒ ඔයා දන්න ඒවා. ඉවත් කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මම කියන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. ඒවා කියන්න ඕනේ නෑ. ඒවා පක්ෂය ඇතුළේ කතා කරන ඒවා. ඒවා රටට කියන්නේ නෑ. ඒවා කියන එක අවාසියි. ඒ නිසා අපි කියන්නේ නෑ.”

RELATED ARTICLES

Most Popular

Recent Comments