Wednesday, November 19, 2025
Homeදේශපාලනඇතැම් පාලකයන් සම්බුද්ධ ශාසනයට දිය යුතු ගෞරවය ලබාදීමට අපොහොසත් වෙලා! බෞද්ධකම කටවචනයට-නිවේදනවලට...

ඇතැම් පාලකයන් සම්බුද්ධ ශාසනයට දිය යුතු ගෞරවය ලබාදීමට අපොහොසත් වෙලා! බෞද්ධකම කටවචනයට-නිවේදනවලට සීමා නොකොට ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේ වගකීමට උරදෙමු! විපක්ෂනායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට උත්තරීතර තැනක් හිමිවන බැවින් බුදු දහම සුරක්ෂිත කර ආරක්ෂක කිරීම පුරවැසියන් ලෙස අපේ වගකීම නමුත් විවිද පාලන. තන්ත්‍රවල දී සම්බුද්ධ සාසනයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙරට සිටි බොහෝ පාලකයන් සම්බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමට ඇප කැප වූ නමුත් අද වන විට නිසි රාජ්‍ය අවදානය යොමු නොවීම තුළ බොහෝ ආගමික සිද්ධස්ථාන පරිහානියට පත් ව ඇති බවත් මේ නිසා සමහර පළාත් වන බෞද්ධාගමික සිද්ධස්ථාන සියගණනක් වැසී ගොස් ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ මෙරට සම්බුද්ධ සාසනය රැක ගැනීම සදහා ආගමික සිද්ධස්ථාන ආරක්ෂක කිරීමේ වගකීමට උරදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුරවැසියන් ලෙස පන්සල් පද්ධතිය සුරකිමින් ගෞරවනීය මහා සංඝරත්නයට ලබා දිය යුතු ආරක්ෂාව සහ රැකවරණය ලබා දිය යුතු බවත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස බෞද්ධකම කටවචනයට නිවේදනවලට ප්‍රකාශවලට පමණක් සීමා නොවී කටයුතු කල යුතු බවත් ඒ තුළින් සම්බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමට අප ඔබ සැම අත්වැල් බැද ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (1) නවගමු දේවාලයේ පෙරහැර අවස්ථාවට එක් වෙමිනි

RELATED ARTICLES

Most Popular

Recent Comments