Homeසියලුම පුවත්ඉදිරි දිනවල තද වැසි – අනුරාධපුරයට මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක්

ඉදිරි දිනවල තද වැසි – අනුරාධපුරයට මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, අද (22) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ බලධාරීන් දැනුම් දෙයි.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර, නායයෑම් සහ මාර්ගවල ගමනාගමන බාධා ඇතිවිය හැකි බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාව සහ රියදුරන් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments