පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය අද (22) හත්වන දිනටත් ක්රියාත්මක වෙයි.පසුගිය 16 වැනිදා පස්වරුවේ ආරම්භ කළ මෙම සත්යග්රහය අතරතුර අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුණි.සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසන්නේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.මේ අතර, මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය සහ බුද්ධ ශාසන අමාත්යාංශය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා, අමාත්යාංශ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අපේක්ෂිත විසඳුමක් නොලැබුණු බව පවසමින් මෙම සත්යග්රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවද සඳහන් කරති.

