Homeසියලුම පුවත්ඉදිරි දින කිහිපය තුළත් වැසි

ඉදිරි දින කිහිපය තුළත් වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර පළාත, වයඹ පළාත සහ උතුරු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙයි.
සබරගමුව පළාත, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද නිවේදනය කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳවද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ අංශ වැඩිදුරටත් දැනුම් දෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments