සිය ඉල්ලීම්වලට රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් නොවැම්බර් 30 වැනිදා දැවැන්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට වෘත්තීය සමිති රැසක් අනතුරු අඟවා තිබේ.මෙවර අයවැයෙන් අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් විවිධ පාර්ශ්ව මේ වන විටත් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටියි.ඒ අතර ගුරු, විදුහල්පති සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඇතුළු වෘත්තීය සමිති රැසක් අයවැයට විරෝධය පළ කරමින් හෙට (23) වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සැලසුම් කර තිබේ.ජාතික ජන බලවේග ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ “ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට” යන තේමාව යටතේය.කෙසේ වෙතත්, අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් පාර්ශ්ව රැසක් දින කිහිපයක් පුරා විරෝධතා පවත්වමින් සිටියි.සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සඳහන් කරන්නේ තම සංගමය හෙට පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවන බවත්, නොවැම්බර් 30 වැනිදා වෙනම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත්ය.මේ අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති කිහිපයක් ද හෙට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට නියමිතය. තවත් රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරන සේවක කණ්ඩායම් ද මෙම විරෝධතාවට එක්වීමට සැලසුම් කර තිබේ.අයවැයෙන් සහන ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක ගුරුවරුන් අදත් විරෝධතාවල නිරත වූහ.

