ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ අද (15) අලුයම රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
භූකම්පනයෙන් පසු ප්‍රබල පසුකම්පන කිහිපයක්ද වාර්තා වී ඇති අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
භූකම්පනයෙන් අනතුරුව ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

