Homeසියලුම පුවත්අද ප්‍රදේශ රැසකට වැසි – මුහුදු ප්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළට

අද ප්‍රදේශ රැසකට වැසි – මුහුදු ප්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළට

අද (15) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක් තද සුළං ඇති විය හැකිය.

මේ අතර, කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බව දැනුම් දී තිබේ.

එම ප්‍රදේශවල සුළං වේගය විටින්විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments