Homeසියලුම පුවත්ශිරාන් බාසික් වැඩිදුර විමර්ශන සඳහා CCIBයට භාරදෙයි

ශිරාන් බාසික් වැඩිදුර විමර්ශන සඳහා CCIBයට භාරදෙයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන ශිරාන් බාසික් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත භාරදී තිබේ.

ඔහු සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා CCIB වෙත භාරදී ඇත.

48 හැවිරිදි ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවතින තොරතුරු පිළිබඳව ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලින් උපයාගත් බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලීසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments