ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
භූකම්පනයෙන් අනතුරුව රික්ටර් 5.9, 5.6 සහ 6.1ක පසු කම්පන තුනක්ද වාර්තා වී ඇත.
මේ හේතුවෙන් ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, ඉන්දුනීසියාවේ ඇති වූ මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් නොමැති බව දැනුම් දී තිබේ.

