Friday, November 14, 2025
Homeදේශීයඉන්ධන සදහා QR ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මකයි

ඉන්ධන සදහා QR ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මකයි

අද (26) සිට දිවයින පුරා CEYPETCO සහ LIOC ඉන්ධන පිරවුම්හල්වවලදී QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන පළමුවනදා දක්වා QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය සහ වාහන අංක තහඩුවේ අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීම යන ක්‍රම 02 ටම ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.

QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදයට පහසුකම් නොමැති හෝ තාක්ෂණික ගැටලු ඇති පිරවුම්හල් සඳහා පමණක් එම ගැටලු නිරාකරණය වනතුරු අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබාදී තිබෙනවා.

කෙසේ නමුත් එළඹෙන අගෝස්තු මස 01 වනදා සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේ අවසන් ඉලක්කම 0, 1, 2 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර, යතුරුපැදි සඳහා රු.1500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments