Homeසියලුම පුවත්ඉන්ධන හිඟය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

ඉන්ධන හිඟය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමුව තිබේ.

මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ඉන්ධන සමාගම්වලට පාඩු සිදුවීමත් සමඟ ඔවුන් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇති බවයි.

රජය විසින් ඉන්ධන සඳහා සහනාධාර ලබා දී තිබුණද, එය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික සමාගම් පෙන්වා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ හේතුවෙන් තෙල් සංස්ථාවට වැඩි බරක් දැරීමට සිදුව ඇති අතර, ඇතැම් ඉන්ධන වර්ග සම්බන්ධයෙන් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ කොටස සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම දිවයිනේ ප්‍රධාන ස්ථාන 55ක තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති බැවින්, එම ප්‍රදේශ ආසන්නයේ පිහිටි තෙල් සංස්ථා පිරවුම්හල් වෙත වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ ලාභය පමණක් අරමුණු කර නොගෙන ජනතාව වෙනුවෙන් ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන ලෙසද අමාත්‍යවරයා පෞද්ගලික ඉන්ධන සමාගම්වලින් ඉල්ලීමක් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments