Homeසියලුම පුවත්ඉබෝලා ආසාදිත බවට සැක කාන්තාවක් ඉන්දියාවෙන් හමුවෙයි

ඉබෝලා ආසාදිත බවට සැක කාන්තාවක් ඉන්දියාවෙන් හමුවෙයි

ඉබෝලා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන කාන්තාවක් ඉන්දියාවේ ජයිපූර් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උගන්ඩා ජාතික කාන්තාවක් වන ඇය අද (05) පෙරවරුවේ සාර්ජා සිට ජයිපූර් වෙත පැමිණ ඇති අතර, ගුවන්තොටුපොළේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී ඉබෝලා රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව ඇය ජයිපූර්හි RUHS රෝහලට ඇතුළත් කර දැඩි හුදකලා නිරීක්ෂණයකට ලක් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පල රසායනාගාර වෙත යොමු කර තිබේ.
කෙසේවෙතත්, ඇයට ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බව මේ දක්වා තහවුරු වී නොමැති බව රෝහල් බලධාරීන් පවසයි.
අදාළ රසායනාගාර වාර්තා ලැබීමෙන් අනතුරුව පමණක් නිශ්චිත රෝග විනිශ්චයක් ලබාදිය හැකි බවත්, දැනට ඇය බෝවන රෝග සඳහා වන සෞඛ්‍ය ප්‍රොටෝකෝල අනුව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments