Homeසියලුම පුවත්ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල “දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු” යන තේමාව යටතේ අද (05) පෙරවරුවේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
පරිසර සංරක්ෂණය හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මැයි 30 සිට ජූනි 05 දක්වා “පරිසර සතිය” ප්‍රකාශයට පත් කර තිබූ අතර, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණි.
මෙම අවස්ථාවේදී රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර පහක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තවද, වැඩිදියුණු කළ ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වාදීම, පරිසර හා සම්පත් සංරක්ෂණයට අදාළ නව ප්‍රකාශන කිහිපයක් එළිදැක්වීම සහ විවිධ පාරිසරික වැඩසටහන් ආරම්භ කිරීමද මෙහිදී සිදු විය.
දේශගුණික විපර්යාස හා පරිසර සංරක්ෂණය පිළිබඳව සංවිධානය කළ තරගාවලිවල ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහාද ජනාධිපතිවරයා එක්වූ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments