මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 සහ 44 වන වැල්ලම්පිටිය හා කොළොන්නාව ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පුත්තලම ප්රදේශයේ සිදුවූ තවත් රන් භාණ්ඩ සොරකමකටද සම්බන්ධතා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
වැඩිදුර ප්රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද රන් මුදු 12ක් සොයාගෙන ඇති අතර, මීගමුවේ සිදුවූ සොරකම සඳහා භාවිත කළ බවට සැක කරන යතුරුපැදියද පොලිසිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

