අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක රැසක් වෙත තවත් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබේ.
එම ආයතනය සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයකට අනුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත අමෙරිකානු වේලාවෙන් පස්වරු 5.30ට පමණ මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
කලාපීය මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන වාණිජ නෞකා වෙත තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ බවද අමෙරිකාව සඳහන් කරයි.
මේ සමඟ ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව 12 වැනි දිනටත් ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් යළි ප්‍රහාර මාලාවක්

