ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ලද තොරතුරක් මත ගම්පොළ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අතුරුදන් වූ දරුවා වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මිතුරන් දෙදෙනෙකු සමඟ දෙණියේගල තොටුපොළ අසල මහවැලි ගඟේ දිය නාමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි.
අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මහවැලි ගඟේ දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවෙකු අතුරුදන්

