Homeසියලුම පුවත්ඊශ්‍රායලය - ලෙබනනය අතර මූලික ගිවිසුමක්

ඊශ්‍රායලය – ලෙබනනය අතර මූලික ගිවිසුමක්

අමෙරිකාවේ මැදිහත්වීමෙන් පසු ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මූලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
විදෙස් වාර්තා අනුව, අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද එම අවස්ථාවට එක්ව තිබෙනවා.
ගිවිසුමෙන් දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව වාර්තා වන අතර, හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකළහොත් එම ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් දිගටම පවත්වාගෙන යාමට ඉඩ ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments