Homeසියලුම පුවත්තමිල්නාඩුවේ උපදින දරුවන්ට රන් මුදු ලබාදීමේ වැඩසටහනක්

තමිල්නාඩුවේ උපදින දරුවන්ට රන් මුදු ලබාදීමේ වැඩසටහනක්


තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින්, ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
‘තායිමාමන්’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන යටතේ රජයේ රෝහල්වල උපදින සියලුම දරුවන්ට, ලිංගභේදය නොසලකා, ග්‍රෑම් එකක් බරැති රන් මුදුවක් පිරිනැමීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා වසරකට ඉන්දීය රුපියල් කෝටි 755කට අධික මුදලක් වැය කිරීමට තමිල්නාඩු රජය තීරණය කර ඇති අතර, බෙදාහැරීම පහසු කිරීම සඳහා රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කිරීමටද කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහන සැප්තැම්බර් 15 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, ඒ වනවිටත් නව රජයේ රෝහල්වල උපත ලැබූ දරුවන්ටද ප්‍රතිලාභ හිමිවන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments