Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි


අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
අද පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් අනුමත කිරීම සම්බන්ධ විවාදය පැවැත්වීමට නියමිතය.
ඊට අනතුරුව, ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි සටන පිළිබඳ කල් තැබීමේ යෝජනාව පස්වරු 2.00 සිට 5.30 දක්වා තවදුරටත් විවාදයට ගැනීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු සජීවී විකාශයද දිනය පුරා ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments