Friday, January 23, 2026
Homeදේශීයඑකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් දුම්රියට ගැටෙයි ! අවුරුදු 20ක තරුණියක් ජීවිතක්ෂයට

එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් දුම්රියට ගැටෙයි ! අවුරුදු 20ක තරුණියක් ජීවිතක්ෂයට

වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියකි.

ඇය ග්‍රාසියන් කොටස, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසලදී කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ඊයේ (28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

මියගිය තරුණිය සහ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණිය එක ම පවුලේ සහෝදරියන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments