Tuesday, November 18, 2025
Homeව්‍යාපාරිකඑරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි.

එරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි.

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇත.

එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.

පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments