උඩරට සහ පහතරට එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් එළවළු වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති.වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මාළු මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1,000ත් අතර මිලකටත්, වම්බටු රුපියල් 500කටත්, අමු මිරිස් රුපියල් 800කටත් අලෙවි වේ.එමෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 450ක්, කැරට් රුපියල් 600ත් 700ත් අතර මිලක්, වට්ටක්කා රුපියල් 400ක්, අළු කෙසෙල් රුපියල් 400ක් සහ ගෝවා රුපියල් 600ත් 650ත් අතර මිලකට අලෙවි වන බව සඳහන් වේ.පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 350ක්, තක්කාලි රුපියල් 800ක්, කරවිල රුපියල් 800ක්, පතෝල රුපියල් 600ක් සහ නුවරඑළිය අර්තාපල් රුපියල් 450ක් ලෙස මිල ඉහළ ගොස් තිබේ.දෙහි කිලෝවක් රුපියල් 2,000කටත්, රතු ලූනු කිලෝවක් රුපියල් 800කටත් සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බව වෙළෙඳුන් පවසති.පසුගිය දිනවල දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට හානි සිදුවීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙති. ඒ හේතුවෙන් වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ගොවීන්ට නොහැකි වී තිබේ.මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත්, එම තත්ත්වය තම ව්යාපාරික කටයුතුවලටද බලපා ඇති බවත් හැටන් ප්රදේශයේ එළවළු වෙළෙඳුන් පවසති.

