ඉදිරි උත්සව සමය තුළ රථවාහන පරීක්ෂා කිරීම් සහ මෙහෙයුම් තවදුරටත් දැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබේ.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි.ඒ අනුව බීමත්ව රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධ වැටලීම් තීව්ර කිරීමට සැලසුම් කර ඇත.මේ සඳහා අවශ්‍ය බීමත්කම පරීක්ෂා කිරීමේ උපකරණ ප්‍රමාණවත් පරිදි පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.එමෙන්ම රියදුරන් අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටත්, රිය අනතුරක් සිදු වූ පසු අදාළ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමටත් කටයුතු කරන බව ඔහු පැවසීය.උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බැවින් බීමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමෙන් වැළකී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

