Sunday, November 16, 2025
Homeදේශීයකන්දකාඩු කඳවුරේ රැඳවියන් 600ක් පලායයි , අයෙක් මරුට

කන්දකාඩු කඳවුරේ රැඳවියන් 600ක් පලායයි , අයෙක් මරුට

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙක් කඳවුර පරිපාලකයින්ගේ පහර දීමකට ලක්වී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වනවිට හමුදාව සහ රැඳවියන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මේ වනවිට පහර දී මරා දැමූ බව කියන රැඳවියාගේ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා නොදී මාධ්‍ය ආවරණයක් සඳහා පැමිණෙන තුරු රැඳවියන් විසින් තබා ගෙන ඇත.

රැඳවියන් ප්‍රකාශ කරන්නේ මේ සිදුවූයේ ඝාතනයක් බවත්, ඊට සාධාරණයක් අවශ්‍ය බවත්, නැවත මෙවැනි මිනී මැරුම් මෙවැනි කඳවුරක සිදු නොවිය යුතු බවත්ය.

මේ වනවිට පිරිසක් කඳවුරේ ආරක්ෂක වැටවල් කඩාගෙන පිටට පැමිණ ඇති බවත් වාර්තා වේ.

මේ අතර අදාළ සිදුවීම හේතුවෙන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර, තුන්ගාවිල පාලම ආසන්නයේ බැරියර් යොදා ඇතැයි ද වාර්තා වේ.

අදාළ ප්‍රදේශය අවට යුද හමුදාව හා පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments