අමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේදී ඊයේ (21) පැවති පළමු වටයේ සාම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීම සඳහා කාලරාමුවකට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව මැදිහත්කාර රටවල් නිවේදනය කර තිබේ.
පසුගිය සතියේ දෙරට අතර ඇති කරගත් සාම අවබෝධතා ගිවිසුමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිතයින් ස්විට්සර්ලන්තයේ රැස්වූ අතර, එහිදී හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවත්වාගෙන යාම සහ ලෙබනනයේ ගැටුම් අවසන් කිරීම ප්‍රධාන මාතෘකා ලෙස සාකච්ඡාවට ලක්විය.
කෙසේවෙතත්, සාකච්ඡා අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් සාකච්ඡා බිඳවැටීමේ අවදානමක් මතුව තිබූ අතර, ඉරාන නියෝජිත පිරිස තාවකාලිකව සාකච්ඡාවලින් ඉවත් වූ බවද වාර්තා වේ.
පාකිස්තානය සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් අනතුරුව සාකච්ඡා නැවත ආරම්භ වූ අතර, අවසානයේ දින 60ක් තුළ අවසන් එකඟතාවකට පැමිණීම සඳහා වන “Road Map” එකකට දෙපාර්ශ්වය එකඟතාව පළ කළ බව ඒකාබද්ධ නිවේදනයක සඳහන් කර ඇත.
කෙසේ නමුත්, ඊශ්‍රායලය පවසන්නේ ලෙබනනයේ තමන් අත්පත් කරගෙන ඇති ප්‍රදේශවලින් ඉවත් නොවන බවයි.
අමෙරිකාව – ඉරානය දින 60ක සාම සැලැස්මකට එකඟ වෙයි

