Tuesday, October 15, 2024
Homeදේශීයකහ උණ එන්නත නැතිව 5000ක් පෝලිමේ

කහ උණ එන්නත නැතිව 5000ක් පෝලිමේ

අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින  5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු  ගැටලුවකට මුහුණදී   සිටින බව වාර්තා වේ.

කහ උණ සඳහා එන්නත ලබා ගැනීමේ පෝලිම මේ හේතුවෙන් දිනෙන් දින දිගු වෙමින්  පවතින බව  සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් පැවසේ.

අප්‍රිකානු රටවලට  යන අය සෞඛ්‍ය හේතු මත  මෙම එන්නත  අනිවාර්යෙන්ම  ලබාගැනීම අත්‍යවශ්‍ය වෙයි.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහත්තයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ එම  එන්නත් 7500ක් ඇණවුම් කර ඇතත් සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත්ව නැති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් තුන්දාහක් පමණ ළගදීම  පැමිණීමට නියමිතව ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මේඅතර ඩොලර් ගේන්න යෑමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සහතික තියාගෙන කහ උණ එන්නත නොමැතිව  බලා  සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත ගෙන්වීමට  වැඩපිළිවෙලක් නැති බවත්  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය.

තත්වයෙන් අසමත්  ඖෂධ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ   තොග පිටින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments