හොරණ, නාරගල පාලම ආසන්නයෙන් කළු ගඟේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අද (31) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අතුරුදන්ව ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ.
අතුරුදන් වූ තරුණයා සොයා මේ වනවිට විශේෂ සෙවීම් මෙහෙයුමක් ක්රියාත්මක කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
කළු ගඟේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

