කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.
මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහාද තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ වෙනම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

