කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්යය අනාවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා යෝජනාවක් කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය සූදානම් වෙයි.ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්රීවරුන් පිරිසක් අද (21) අදාළ යෝජනාවට අත්සන් තබා තිබේ.ජාතික ස්වභාවික උරුමයක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළ සත්ය තොරතුරු හෙළි කර ගැනීම, සිද්ධිය සම්බන්ධ සියලු පාර්ශ්වයන් සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න සොයා බැලීම සහ ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මෙම යෝජනාවේ ප්රධාන අරමුණු බව සඳහන් වේ.

