Homeදේශීයකුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායකදී අයෙක් කොටුවෙයි

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායකදී අයෙක් කොටුවෙයි

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශික ගුවන් මගියෙක් අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 34 හැවිරිදි තායි ජාතිකයෙකු වන අතර තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණ තිබේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200ක් සොයා ගැනුණි.

එහි වටිනාකම රුපියල් පන් කෝටි 20 ලක්ෂයක් පමණ වෙන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments